"ඒ තමයි බදුවත්තේ නැන්දා "
ඇය මට හමුවන්නේ මාගේ විවාහයෙදිය.
ඇය මාගේ බිරිදගේ මවගේ මෙන්ම බිරිදගේ
සියලුම පාර්ශවයන්ගේ හිතමිතුරියක වුවාය. ඇයට දියණියක් හා පුතෙකු සිටින අතර ඔවුන්
මාගේ බිරිදගේ කුඩා කල මිතුරෝය. ගාමිණී මාමා ඇයගේ සැමියාය. "බදුවත්තේ නැන්දා"
නමින් ඇමතුවද ඇය නමින් ජේ.පී.පී. අයිරාංගනී ජයසිංහ ය. ඇගේ පවුලේ ඉතිහාසය මම
නොදන්නෙමි, මන්ද මා ඇය හදුනාගෙන ගතවුයේ වසර 3කට නොඅඩු
කාලයකි. නමුත් ඇය ගැන සටහනක් තැබීමට තරම්
මම ඈ ගැන දන්නවායි මම සිතමි.
ඇගේ පුතු අශෝක මල්ලි මට හමුවන්නේ මාගේ
හා බිරිදගේ මුද්‍රණ කටයුතු වලට "සිපාර " වෙත යන ගමනේදීය. ඉතා සිනා මුසු
මුහුණින් යුතුව අපගේ කාර්ය නිම කර දෙන ඔහු විටක මුදල් ගැනීම පවා ප්‍රතිෂේප කරනුයේ
කුඩා කල මිතුරු දම් මතක් කරමිණි.
"නැන්ද වගේම තමා මල්ලියි, නංගිත් '' කව්දෝ ඇගේ නිසළ දේහය ලග සසළ වී කොදුරනවා මට ඇසිනි.
ඇය ශල්‍ය කර්මයක් සදහා රෝහල් ගත වන විට
පවා, කුලුදුල් දරු සෙනෙහස බලාපොරොත්තු වූ අශෝක
මල්ලිගේ බිරිදට පහසු වීමට ඇය වී බුසල් ගණන් සැකසුවාය,
දබදිව වන්දනාවේ ගොස් ගමටම තෑගි දුන්නාය, බිරිදගේ මවගේ අසනීප තත්ත්ව පිළිබදව
සොයා බැලුවාය .............................................................................................................................................................
මෙසේ තල්විට ගමේ ඇය කල කී දෑ ගෙන බොහෝය, ඒ ගැන අටුවා ටීකා තබන්නට මා අපොසත්ය.
නමුත් ඈ කල දේ බොහෝ බව සැවොම දන්නා කරුණකි.
රෝගී තත්වය මත බිරිදගේ මවට ඇගේ දේහය
බදා හඩන්නට නොහැකි විය නමුත් ඈ බිව් කදුළු මෙපමනකයි මා නොදනිමි. " අනේ මට
දැන් කව්ද චුටි දුවේ කියන්නේ ,
චුටි පුතේ කියන්නේ" ඒ තවත්
විලාපයන්ය ,,
." හොද මිනිස්සු ඉක්මනට අපි
අතරින් යනවා, sir"
කෙසේ හෝ ඇගේ සුසුම් වා තලයට මුසු වී
හමාරය, අපට කල හැක්කේ ඇයට මතු සසරේන් එගොඩ වීමට නිවන් සුව පැතීම පමණි.
නැන්දේ ඔබට නිවන් සුව ලැබේවායි අපි
පතන්නෙමු.
ප.ලි
: බදුවත්තේ නැන්දාට උපහාර පිණිස
මෙසේ සටහනක් තැබීමට සිතුනි.