Posts

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,
 මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ

සාර්ථක විවාහ ජීවිතයට මග ........, ඈ බොල මයිනෝ තෝ මේ ලබ්බවල් කියවල නේ අර නයෝමිට පොල්ල තිබ්බේ . පව් @#තෝ එකී උබට පන දෙන්න ලව් කළා නේ .. තෝ හැම ලිව් එකේම එකිත් එක්ක පොල්ගහවෙල රෙස්ට් එකට යද්දී උබේ මනස  $කේද තිබ්බේ ?

"හරි බන් දැන් බලපන් එකී වෙන එකෙක් බැන්දනේ "

 ඔව් බැන්ද,..... උබේ අම්මටත් කියන්ඩ ඕනේ උබට කෙහෙල්මල සගරාවක් පොඩි කාලේ ඉදන් ඔලුවට දාල තෝව කුරුවල් කරපු එකට, අම්මප යන්තන්  ඇති තෝට  මේ ඉලව් රස්සාවට එන්න දුන්නා. නැත්නම් මගේ එකම කිරි කැටියට කරිජ්ජ හුලං නාකයි කියල තෝව ගේ අස්සෙම දාගෙන තොගේ ජෝක්කු ටික හෝද හෝද තොට අන්දවගෙන ඉදියි .

''වරෙන් වරෙන් යන්ඩ දුමක් දාන්ඩ ''

උබ ගාව තියෙනවද ?

නෑ  උබ ගාව තියෙනවනේ ?

නෙදකින් .. ඒ  යකෝ තෝ හැම පිචියම එකවුන්ට් එකට දාල ගනින් BMW, උබේ පත්තර කාරය ලිමොසින් ගත්තේ උබයි උබලගේ අම්ම වගේ ගෑනුයි හින්ද තමයි . කමක් නෑ උබේ ලිමොසින් එකේ අපිවත් දාගෙන පළ බීපු සිගරට් එකට ..

"අඩෝ අරකිත් ආමි ගිහින්ලු "
කව්ද අරකි ?

"කොන…

තාත්ති ඉක්මනට ගෙදර එන්න ....................

තාත්තී තාත්තී
දෝනි සොයනවා නුබව
හීනෙනුත් නින්දෙනුත්
මුමුනන්නේ  නුබේ නමය
පුංචි සුරතලිය නුබේ
නිතර නුබ සොයයි නම්
අම්මිටත් නිරතුරුව
සිහිවෙන්නේ නුබ
නොවේද .....

නුබ සිටිය මගේ ලගින්
අවුරුදුම දෙක තුනක්
දුර ගියේ නෑ ලගින්
දිනපතා නොආවත්
කාලෙකින් නුබ ගිහින්
මා දමා බෝ දුරක්
ඒ නිසයි මේ තරම්
දැනෙන්නේ  පාලුවක් ......

තාත්ති එන්නකෝ
දුව නිතර කියනවා
මා සිතින් නිරතුරුව
මා නුබව පතනවා
නුබ දකින මොහොතකින්
හද ගින්න නිවෙනවා
අම්මිගෙයි දොනිගෙයි
සිත් පහන් දිලෙනවා ....



අදුන

Image
ලංකාවේ තාමත් සමහර මිනිස්සු දේවාල බලි තොවිල් විස්වාස කරනවා හැබැයි ඕවගේ ඇත්ත නැත්ත මම දන්නේ නම් නෑ .. මේ පොස්ට් එක කියවන ඔයාලගේ වැඩක් ඇත්ත නැත්ත ගැන කොමෙන්ටුවක් දාන එක ...............

කෙසේ වෙත්ත මේ කට්ටඩියෝ හරි කපටියෝ හරි අහිංසක මිනිස්සුන්ගේ සතෙටම කෙලින එක නම් හරිම අපරාදයක්
මේකත් මේ දේවාල ගැන විශ්වාස කොරන අපේ නැවේ ඉන්න කොල්ලෙක්ගේ අදුනක් බලපු සීන් එකක් .

මීට සති 2ක 3කට කලින් අපේ නැවේ තිබ්බ 1TB හාර්ඩ් drive නැති උනා. අපිට ඉතින පට්ට පාඩුයි මොකෝ කියනවනම් මුදට ගියපුවාම බලන්න ෆිල්ම් එහෙම අපි කොපි කරගෙන යන්නේ ඔන්න ඔය drive 1කේ  තමා . නැවේ කස්ටියම සෙට් වෙලා මේක හෙව්වත් හම්බ උනේ නම් නෑ  මොකෙක් හරි නැවේම කුපාඩියෙක් තමා උස්සන්න ඇත්තේ. නිලදාරී නිවස්නයේ මෙහෙම දෙයක් වෙච්ච එක ගැන සමස්ත නිලදාරින්ගේම මෙව්වා එක අප්සෙට් වෙලා දැන් ..

ඔන්න ඔය වෙලාවේ අපේ මේ කොල්ලා එනවා මේ සීන් උන තැනට ..

සර්ලා බය වෙන්න එපා අපේ ගමේ ඉන්නවා මරු කපු මහත්තයෙක් මම අදුනක් බලලා එන්නම් සර්..

හරි එහෙනම් දර්මදාස තමුසේ යනවකෝ එන ලීව් එකේ මොකද වෙන්නේ කියල බලන් එන්න ..

මොනාද සර් මේවා පොඩි වැඩ , මතකනේ සර් ගිය පාර මගේ බඩේ අමාරුවක් හැදුන වෙලා…

වැලිතලප

Image
මේක මේ මම හිතල පතල ලියන කෙහෙල්මලක් ගැන කතාවක් නෙවේ.
 කාලෙක ඉදලා ලියන්න ලියන්න කියල ලොකු ලොකු බ්ලොග් අයියල කිව්වට අපේ මේ මල ඉලව රස්සාව හින්ද ඕකට වෙලාවක් නෑ බොලව් වෙලාවක් තියෙන ගොඩ ඉන්න වෙලාවට පොඩි පහේ ෆන් එකක ඉන්න හින්ද ලියන්න කම්මැලි වෙලා.  ඔය කතා වලින් මේක කියවන එකට පුකයැ නේ ....

          හරි ඔන්න මේ පාර කතා කීපයක් තියෙනවා ලියන්න,, කීපයක් කිව්වට හම්බානෙක තියෙනවා අපේ මේ රස්සාව කොරන තැන ඉන්න ලොකු මහත්තයෙක් තමා කතා නායකයා. මෙතුමා ගැන කතා අප්ප්‍රමාන තියෙනවා අද කියන්නේ එතුමාගේ  උන්ද වැලිතලප හදපු හැටි ඔන්න.


සර් ගුඩ් මෝර්නින්
''මෝර්නින් මචන් ... කෑවද ?''
කෑවා සර්
"උබල දන්නවද මචන් වැලිතලප හදන්න ඕන මොනාද කියල ?"
(((( උදේ පාන්දර කැටයක්ද කොහෙද @#@@$$$%@))) ඔව් සර්, පිටි , සීනි හරි පැණි හරි පොල් .,.,.,........,,,,./,
"එච්චරද?"
ම් ම් ඔව් සර්
"ඇයි බන් උදැල්ලක් ?"
උදැල්ලක් මොකටද සර්?
අපේ ගෑණි ඊයේ වැලිතලප හදන්න අරන්
 වැඩේ කෙලවෙලා මචන් බාජනෙත්  පල්ල අල්ලලා ගන්න දෙයක් නෑලු මේකී  මොකද කරලා තියෙන්නේ මචන් බාජනේ පිටින් වලලා නේ බන් ..............:) :) :)

ගෙ…

යන්න නදිකා ඉන්න එපා මා ගාව

කාලයක් තිස්සේ හමුදාවෙන් පැනල ගිහිල්ල හිටියේ යුද්දෙට බයේ නෙමේ . ඒ කාලේ තමන්ව හැදු වඩු අම්මට අසනීප වෙලා බලාගන්න කෙනෙක් ගෙදර හිටියේ නැති හන්ද… ඔය කාලේ අතේ සල්ලි නැති වෙනකොට තමා අපහු රස්සාවක් කරන්න ඕනේ කියල මේ අපේ කතා නායකයට හිතුනේ …….
ආපහු හමුදාවට බාර උනොත් මාස පහ හයකට ගෙදර එන්න වෙන්නේ නැති විත්තිය සමන්ට තේරුණා. ඒ හින්දම තමා කොලබ රටේ රස්සාවට සමන් ගියේ. සමන් නැවතිලා හිටියේ රාජගිරියේ ගෙදරක . මේ ගෙදර හිටියේ අම්මයි දුවයි තාත්තයි විතරයි. ගමේ පුංචි කාලේ ඉදන් යාලු වෙලා හිටපු කුමාරිට සමන් පන වගේ ආදරේ කළා. ගෙදර නැවතිලා හිටපු සමන්ට මේ දුවගෙන් නිතරම ලැබෙන ඉගි බිගි මායම් මහා හිසරදයක් වෙලා තිබ්බේ. මේ ගෙදර අම්මයි තාත්තයි සමන්ට මේ දුව ගැන යෝජනාවක් ගෙනාවේ සමන් ගැන පැහැදුන හින්ද , නමුත් සමන් සල්ලි වලට වඩා කුමාරිට ආදරේ කරපු හින්ද මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් මේ දුව ( නමින් නදීකා) මේ සිද්දිය නිසා සමන් එක්ක පුදුමකාරයේ තරහක් ඇති කර ගත්තේ සමන් ගෙන් පලි ගන්නවා කියල හිතා ගෙන.          නමුත් සමන් නදීකාව ඇසුරු කළේ තමන්ගේ සහෝදරියක් වගේ. මේ වෙද්දී සමන්ගේ අම්මට සෑහෙන්න තරමට සනීප වෙලා හිටියේ. දොස්ත…

''පව්කාරයා''

ඉස්සරහ කෙල්ලෙක්
බලාගෙන බිම
ඉදගෙන මමත්
දුවනවා කැරපොත්තෙක්
බිම
මරන්නද ?
එපා එපා ......
එකී බලාගෙන
හිතුවොත් ;
''පව්කාරයා''
මං
කෝච්චියේ

රට රැකුමට අවි ගත් තරුණයෝ

Image
උස ?
''පහයි අටයි සර් ''
 පපුව ?
''32 සර් ''
 A /L, O /L
''තියෙනවා  සර්''

''මාස 10 ට්‍රේනින් ?''
 වම දකුණ වම
 දුවපියව්
 ..............................
 විසිරයාම 65 බදවා ගැනීම

  උබ කොහෙද ?
''වන්නි බන්''
 මාත්  වන්නි

  සාජන්
''ඔව් සර්"
 රෝඩ් බ්ලොක් එක ?
 ''T 56 තුනයි LMG දෙකයි ''
 රෙශන් එක ?
''කැලි පහයි සර් ''

  සර් ටෙරර ර ර රා
"වෙඩි තියපල්ලා"
"ග්‍රෙනේඩ්"

 බීප් බීප් බීප්
"කොහෙද ?"
 බය වෙන්න එපා
"කකුල?"
 බේරන්ඩ බෑ

නිම සේවා 
''පෙන්ෂන් ''
 අපි බලමු ...

 දියව් දියව්
 අපේ ජීවිත
 ආපහු...

 ඉදා
 කදුළු ගෑස් ..