බදුවත්තේ නැන්දා



"ඒ තමයි බදුවත්තේ නැන්දා " ඇය මට හමුවන්නේ මාගේ විවාහයෙදිය.
ඇය මාගේ බිරිදගේ මවගේ මෙන්ම බිරිදගේ සියලුම පාර්ශවයන්ගේ හිතමිතුරියක වුවාය. ඇයට දියණියක් හා පුතෙකු සිටින අතර ඔවුන් මාගේ බිරිදගේ කුඩා කල මිතුරෝය. ගාමිණී මාමා ඇයගේ සැමියාය. "බදුවත්තේ නැන්දා" නමින් ඇමතුවද ඇය නමින් ජේ.පී.පී. අයිරාංගනී ජයසිංහ ය. ඇගේ පවුලේ ඉතිහාසය මම නොදන්නෙමි, මන්ද මා ඇය හදුනාගෙන ගතවුයේ වසර 3කට නොඅඩු කාලයකි. නමුත් ඇය ගැන සටහනක් තැබීමට තරම්  මම ඈ ගැන දන්නවායි මම සිතමි.
ඇගේ පුතු අශෝක මල්ලි මට හමුවන්නේ මාගේ හා බිරිදගේ මුද්‍රණ කටයුතු වලට "සිපාර " වෙත යන ගමනේදීය. ඉතා සිනා මුසු මුහුණින් යුතුව අපගේ කාර්ය නිම කර දෙන ඔහු විටක මුදල් ගැනීම පවා ප්‍රතිෂේප කරනුයේ කුඩා කල මිතුරු දම් මතක් කරමිණි.

    "නැන්ද වගේම තමා මල්ලියි, නංගිත් '' කව්දෝ ඇගේ  නිසළ දේහය ලග සසළ වී කොදුරනවා මට ඇසිනි.
ඇය ශල්‍ය කර්මයක් සදහා රෝහල් ගත වන විට පවා, කුලුදුල් දරු සෙනෙහස බලාපොරොත්තු වූ අශෝක මල්ලිගේ බිරිදට පහසු වීමට ඇය වී බුසල් ගණන් සැකසුවායදබදිව වන්දනාවේ ගොස් ගමටම තෑගි දුන්නාය, බිරිදගේ මවගේ අසනීප තත්ත්ව පිළිබදව  සොයා බැලුවාය ............................................................................................................................................................. මෙසේ තල්විට ගමේ ඇය කල කී දෑ ගෙන බොහෝය, ඒ ගැන අටුවා ටීකා තබන්නට මා අපොසත්ය. නමුත් ඈ කල දේ බොහෝ බව සැවොම දන්නා කරුණකි.
රෝගී තත්වය මත බිරිදගේ මවට ඇගේ දේහය බදා හඩන්නට නොහැකි විය නමුත් ඈ බිව් කදුළු මෙපමනකයි මා නොදනිමි. " අනේ මට දැන් කව්ද චුටි දුවේ කියන්නේ , චුටි පුතේ කියන්නේ" ඒ තවත් විලාපයන්ය ,,

." හොද මිනිස්සු ඉක්මනට අපි අතරින් යනවා, sir"  

කෙසේ හෝ ඇගේ සුසුම් වා තලයට මුසු වී හමාරය, අපට කල හැක්කේ ඇයට මතු සසරේන් එගොඩ  වීමට නිවන් සුව පැතීම පමණි.
නැන්දේ ඔබට නිවන් සුව ලැබේවායි අපි පතන්නෙමු.

ප.ලි  :  බදුවත්තේ නැන්දාට උපහාර පිණිස මෙසේ සටහනක් තැබීමට සිතුනි.

5 comments:

  1. ලස්සනයි හොද අත්දැකීමක් හිතට කෙලින්ම කාවදිනව ඒ තරම් ලස්සනයි .. බදු වත්තේ නැන්දාට නිවන් සුව අත් වේවා ! ඒ වගේම කුලේ මල්ලි ලස්සනට සටහන තියල තියනව මගේ සුබ පැතුම් ඉදිරියටත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. හා හා පුරා කියල දාපු comment එකට ස්තුති.

      Delete
  2. Ayye ape amma gana oya danna denawa tikak wunath oyata ape amma gana ulugedara nandath mage kuda kala sitama siti deweni sahodariya adaraneeya tharika akkath hama dema ape amma gana kiya thibena bawa mata theruni... mage adaraneeya amma api hamatama manikak didulana pahanak... e pahanen nathiwuna alokaya mata kawadawath ganna be Ayye... obatath tharika akkatath pawle samatath godak pin... mage raththaran ammage guna kathanayata .... ..mage raththaran amme oba apiwa hara giyath samada obe agaya watinakama oba nathi paluwa api hamatama danewi... obata wasanawanth upathak labena bawa mara ira handa men danimi... ekata oba gana danna sawoma shakkshi darai.... me sambudu sasuna thulama ama maha niwanin sanasewa mage adara amme.... meeeta obe adaraneeeya Putha... obe baba

    ReplyDelete
  3. Ayye ape amma gana oya danna denawa tikak wunath oyata ape amma gana ulugedara nandath mage kuda kala sitama siti deweni sahodariya adaraneeya tharika akkath hama dema ape amma gana kiya thibena bawa mata theruni... mage adaraneeya amma api hamatama manikak didulana pahanak... e pahanen nathiwuna alokaya mata kawadawath ganna be Ayye... obatath tharika akkatath pawle samatath godak pin... mage raththaran ammage guna kathanayata .... ..mage raththaran amme oba apiwa hara giyath samada obe agaya watinakama oba nathi paluwa api hamatama danewi... obata wasanawanth upathak labena bawa mara ira handa men danimi... ekata oba gana danna sawoma shakkshi darai.... me sambudu sasuna thulama ama maha niwanin sanasewa mage adara amme.... meeeta obe adaraneeeya Putha... obe baba

    ReplyDelete
    Replies

    1. මල්ලි
      සංසාර සාගරේ එතෙර වෙන්ඩ අපි නැන්දට පින් දෙමු. ටික කාලයක් උනත් දැන හදුනාගෙන මටත් හරිම දුකයි නැන්දගේ අකල් වියෝව.

      Delete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...