Showing posts with label sad. Show all posts
Showing posts with label sad. Show all posts

රට රැකුමට අවි ගත් තරුණයෝ














 උස ?
''පහයි අටයි සර් ''
 පපුව ?
''32 සර් ''
 A /L, O /L
''තියෙනවා  සර්''

''මාස 10 ට්‍රේනින් ?''
 වම දකුණ වම
 දුවපියව්
 ..............................
 විසිරයාම 65 බදවා ගැනීම

  උබ කොහෙද ?
''වන්නි බන්''
 මාත්  වන්නි

  සාජන්
''ඔව් සර්"
 රෝඩ් බ්ලොක් එක ?
 ''T 56 තුනයි LMG දෙකයි ''
 රෙශන් එක ?
''කැලි පහයි සර් ''

  සර් ටෙරර ර ර රා
"වෙඩි තියපල්ලා"
"ග්‍රෙනේඩ්"

 බීප් බීප් බීප්
"කොහෙද ?"
 බය වෙන්න එපා
"කකුල?"
 බේරන්ඩ බෑ

 නිම සේවා 
''පෙන්ෂන් ''
 අපි බලමු ...

 දියව් දියව්
 අපේ ජීවිත
 ආපහු...

 ඉදා
 කදුළු ගෑස් ..

බදුවත්තේ නැන්දා



"ඒ තමයි බදුවත්තේ නැන්දා " ඇය මට හමුවන්නේ මාගේ විවාහයෙදිය.
ඇය මාගේ බිරිදගේ මවගේ මෙන්ම බිරිදගේ සියලුම පාර්ශවයන්ගේ හිතමිතුරියක වුවාය. ඇයට දියණියක් හා පුතෙකු සිටින අතර ඔවුන් මාගේ බිරිදගේ කුඩා කල මිතුරෝය. ගාමිණී මාමා ඇයගේ සැමියාය. "බදුවත්තේ නැන්දා" නමින් ඇමතුවද ඇය නමින් ජේ.පී.පී. අයිරාංගනී ජයසිංහ ය. ඇගේ පවුලේ ඉතිහාසය මම නොදන්නෙමි, මන්ද මා ඇය හදුනාගෙන ගතවුයේ වසර 3කට නොඅඩු කාලයකි. නමුත් ඇය ගැන සටහනක් තැබීමට තරම්  මම ඈ ගැන දන්නවායි මම සිතමි.
ඇගේ පුතු අශෝක මල්ලි මට හමුවන්නේ මාගේ හා බිරිදගේ මුද්‍රණ කටයුතු වලට "සිපාර " වෙත යන ගමනේදීය. ඉතා සිනා මුසු මුහුණින් යුතුව අපගේ කාර්ය නිම කර දෙන ඔහු විටක මුදල් ගැනීම පවා ප්‍රතිෂේප කරනුයේ කුඩා කල මිතුරු දම් මතක් කරමිණි.

    "නැන්ද වගේම තමා මල්ලියි, නංගිත් '' කව්දෝ ඇගේ  නිසළ දේහය ලග සසළ වී කොදුරනවා මට ඇසිනි.
ඇය ශල්‍ය කර්මයක් සදහා රෝහල් ගත වන විට පවා, කුලුදුල් දරු සෙනෙහස බලාපොරොත්තු වූ අශෝක මල්ලිගේ බිරිදට පහසු වීමට ඇය වී බුසල් ගණන් සැකසුවාය,  දබදිව වන්දනාවේ ගොස් ගමටම තෑගි දුන්නාය, බිරිදගේ මවගේ අසනීප තත්ත්ව පිළිබදව  සොයා බැලුවාය ............................................................................................................................................................. මෙසේ තල්විට ගමේ ඇය කල කී දෑ ගෙන බොහෝය, ඒ ගැන අටුවා ටීකා තබන්නට මා අපොසත්ය. නමුත් ඈ කල දේ බොහෝ බව සැවොම දන්නා කරුණකි.
රෝගී තත්වය මත බිරිදගේ මවට ඇගේ දේහය බදා හඩන්නට නොහැකි විය නමුත් ඈ බිව් කදුළු මෙපමනකයි මා නොදනිමි. " අනේ මට දැන් කව්ද චුටි දුවේ කියන්නේ , චුටි පුතේ කියන්නේ" ඒ තවත් විලාපයන්ය ,,

." හොද මිනිස්සු ඉක්මනට අපි අතරින් යනවා, sir"  

කෙසේ හෝ ඇගේ සුසුම් වා තලයට මුසු වී හමාරය, අපට කල හැක්කේ ඇයට මතු සසරේන් එගොඩ  වීමට නිවන් සුව පැතීම පමණි.
නැන්දේ ඔබට නිවන් සුව ලැබේවායි අපි පතන්නෙමු.

ප.ලි  :  බදුවත්තේ නැන්දාට උපහාර පිණිස මෙසේ සටහනක් තැබීමට සිතුනි.

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...