Showing posts with label ගෙදර ඇත්තිගේ පබැදුම්. Show all posts
Showing posts with label ගෙදර ඇත්තිගේ පබැදුම්. Show all posts

තාත්ති ඉක්මනට ගෙදර එන්න ....................

තාත්තී තාත්තී
දෝනි සොයනවා නුබව
හීනෙනුත් නින්දෙනුත්
මුමුනන්නේ  නුබේ නමය
පුංචි සුරතලිය නුබේ
නිතර නුබ සොයයි නම්
අම්මිටත් නිරතුරුව
සිහිවෙන්නේ නුබ
නොවේද .....

නුබ සිටිය මගේ ලගින්
අවුරුදුම දෙක තුනක්
දුර ගියේ නෑ ලගින්
දිනපතා නොආවත්
කාලෙකින් නුබ ගිහින්
මා දමා බෝ දුරක්
ඒ නිසයි මේ තරම්
දැනෙන්නේ  පාලුවක් ......

තාත්ති එන්නකෝ
දුව නිතර කියනවා
මා සිතින් නිරතුරුව
මා නුබව පතනවා
නුබ දකින මොහොතකින්
හද ගින්න නිවෙනවා
අම්මිගෙයි දොනිගෙයි
සිත් පහන් දිලෙනවා ....



තරුව

තරුව
ඔබ
මගේ සිත් අහසට
එලියදුන්
එනමුදු
මගේ සිත් අහසට විත්
අහංකාරකම් පාන
මුරණ්ඩු
හිතුවක්කාර
තරුව
ඔබ
හිතුමතේට මගේ සිත
රිදවනා
මගේ නෙත් හඩවනා
ආයේ ආයෙමත්
මටම ආදරය කරනා

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...