යන්න නදිකා ඉන්න එපා මා ගාව




                 කාලයක් තිස්සේ හමුදාවෙන් පැනල ගිහිල්ල හිටියේ යුද්දෙට බයේ නෙමේ . ඒ කාලේ තමන්ව හැදු වඩු අම්මට අසනීප වෙලා බලාගන්න කෙනෙක් ගෙදර හිටියේ නැති හන්දඔය කාලේ අතේ සල්ලි නැති වෙනකොට තමා අපහු රස්සාවක් කරන්න ඕනේ කියල මේ අපේ කතා නායකයට හිතුනේ …….

ආපහු හමුදාවට බාර උනොත් මාස පහ හයකට ගෙදර එන්න වෙන්නේ නැති විත්තිය සමන්ට තේරුණා. ඒ හින්දම තමා කොලබ රටේ රස්සාවට සමන් ගියේ. සමන් නැවතිලා හිටියේ රාජගිරියේ ගෙදරක . මේ ගෙදර හිටියේ අම්මයි දුවයි තාත්තයි විතරයි. ගමේ පුංචි කාලේ ඉදන් යාලු වෙලා හිටපු කුමාරිට සමන් පන වගේ ආදරේ කළා. ගෙදර නැවතිලා හිටපු සමන්ට මේ දුවගෙන් නිතරම ලැබෙන ඉගි බිගි මායම් මහා හිසරදයක් වෙලා තිබ්බේ. මේ ගෙදර අම්මයි තාත්තයි සමන්ට මේ දුව ගැන යෝජනාවක් ගෙනාවේ සමන් ගැන පැහැදුන හින්ද , නමුත් සමන් සල්ලි වලට වඩා කුමාරිට ආදරේ කරපු හින්ද මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් මේ දුව ( නමින් නදීකා) මේ සිද්දිය නිසා සමන් එක්ක පුදුමකාරයේ තරහක් ඇති කර ගත්තේ සමන් ගෙන් පලි ගන්නවා කියල හිතා ගෙන.
         නමුත් සමන් නදීකාව ඇසුරු කළේ තමන්ගේ සහෝදරියක් වගේ. මේ වෙද්දී සමන්ගේ අම්මට සෑහෙන්න තරමට සනීප වෙලා හිටියේ. දොස්තරලා කිවේත් අම්මට බය වෙන්න දෙයක් නෑ කියලා.

          මේ කාලේ තමා නදීකාට රට යන්න ඕන කියලා ගෙදරට කරදර කරන්න පටන් ගත්තේ. සහෝදරයෙක් වගේ සමන් නදීකාට තේරුම් තේරුම් දුන්න අම්මයි තාත්තවයි දාල රට යන්න එපා කියලා. සමන් තමන්ගේ රස්සාව පාඩුවේ කරගෙන ගියා. සමහර දවස් වල රැට නදීකා සමන්ට sms එව්වා එයාගේ කාමරේට එන්න එහෙම කියලා. නමුත් සමන් මේ දේවල් වලට බොහොම අනුකම්පාවෙන් කටයුතු කළා. සමන් මේ දේවල් කුමාරිට නිතරම call කලාම කියනවා. කුමාරි නිතරම කීවේ මෙතනින් වෙන ගෙදරක සමන්ට නවතින්න කියලා. නමුත් සල්ලි නැති වෙලාවේ අඩු ගානට වෙන ගෙවල් හොයන්න බැරි හින්ද සමන් මේ ගෙදරම නැවතිලා හිටිය.

       නිවාඩු දවසක නදීකා සමන්ට කතා කළා ඇදුම් ගන්න යමු කියලා. සමනුත් යමු කිවේ බෑ කිව්වොත් නදීකා තවත් තරහ වෙයි කියලා හිතුන හින්ද. සමනුයි නදීකායි එදා හවස් වෙනකම්ම රෙදි සාප්පු ගානේ ඇවිද්ද. දෙන්නම එදා කෑවෙත් කොටුවේ බෝ ගහ ගාව කඩේකින්. එදා දෙන්න ගෙදර යද්දී රෑ 8 පහුවෙලා. සමන්ට මේ සිද්දියට කුමාරි නොසහෙන්න බැන්නත් කුමාරි සමන්ව පන වගේ විස්වාස කළා. ඒ වගේම සමනුත් තමන්ගේ විස්වාසය නැති වෙන වැඩ කරන්න ගියේ නෑ.
          
           නදීකා එයාව එපා කියපු සමන්ව කොහොම හරි තමන්ගේ කර ගන්න මාන බලාගෙන හිටියේ.නදීකා එයා නාන වෙලාවට දිය රෙද්ද පිටින් සමන්ගේ කාමරේ ගාව රැදෙන්නත් උදේට දුහුල් නයිටිය පිටින් සමන්ට තේක දෙන්නත් රෑ මැද්දේ සමන්ගේ phone එක ring කරන්නත් msg යවන්නත් අමතක කළේ නෑ.මේ හැමදේම නදීකා කළේ කොහොම හරි සමන්ව එයාගේ කරගන්න.

          මේ වෙද්දී කුමාරිලගේ ගෙදරින් මේ දෙන්නගේ කසාදෙ වැඩ පටන් අරන් තිබ්බේ. නැකත් බලල දින එහෙමත් යොදාගෙන හිටියේ. නදීකාගේ අම්මයි තාත්තයි සමන්ලගේ ගෙදරත් ගියේ නදීකා ගෙන් බේරෙන්නම බැරි තැන. සමන්ගේ තාත්ත නදීකාගේ තාත්තට කීවෙත් සමන්ගෙයි කුමරිගෙයි විවාහය නොබෝ දවසකින් වෙනවා කියලා. එදා රෑ වෙද්දී නදීකා මේ විස්තර ඔක්කොම අහගෙන හිටියේ හිතේ තරහකුත් තියාගෙන. නදීකා සමන්ව තමන්ට අයිති වෙන්නේ නැත්නම් වෙන කාටවත් අයිති කර ගන්න දෙන්නේ නෑ  කියලා එදා රෑ තමන්ටම දිව්රා ගත්තා.

          නදීකා පහුවද උදේ පාන්දරින්ම පිටත් උනේ කුරුණෑගල ඉන්න පුන්චිලගේ ගෙදර යනවා කියලා. දහවල් 12 වෙද්දීත් නදීකා කුරුණෑගලට ගියා කියලා call කළේ නැති උනාම අම්මා නදීකාට call කළා.එත් නදීකාවගෙ phone එක off කරලා තිබ්බේ. නදීකාගේ අම්මා සමන්ට call කළේ වෙන කතා කරන්න කෙනෙක් හිටියේ නැති හින්ද. සමන් එත් කල්පනා කළා මේක නදීකාගෙයි එයාගේ අම්මාගෙයි කපටි වැඩක්ද කියලා. නදීකාගෙ අම්මයි තාත්තයි අහිංසක මිනිස්සු කියලා සමන් දැන ගෙන හිටියා. සමනුත් නදීකාගෙ phone ඒක රින්ග් කළේ කොහෙද කියලා බලන්න. එත් phone වැඩ කළේ නෑ.සමන් නදීකාගෙ අම්මට කතා කරලා කීව phone වැඩ කරන්නේ නැති විත්තිය.

          ටික වෙලාවකින් සමන්ට නදීකා කතා කළා. එතකොට නදීකා නුවර ඉන්නවා කියලා සමන්ට කීවා. කුරුණේගල යනවා කියලා නුවර ගියේ මොකද කියලා සමන් නදීකාගෙන් ඇහුවා. එතකොට නදීකා කිව්වේ ඒවා දැන ගන්න ඕන නම් නුවරට එන්න කියලා. එතකොට වෙලාව 1කත් පහු වෙලා සමන් කිව්වා දැන් නම් එන්න වෙලා නෑ කියලා. එතකොට නදීකා කිව්වා එහෙනම් ආයේ කාටවත් එයාව කවදාවත් දකින්න බැරි වෙයි කියලා. සමන්ට බය හිතුනා නදීකා එයාගේ ජීවිතේ නැති කර ගනී කියලා. සමන් කොහොම හරි නුවරට එද්දී වෙලාව 3න පහු වෙලා. දළදා මාලිගාව ඉස්සරහ හිටපු නදීකාට සමන් ගෙදර යමු කීවා. නදීකා එතකොට සමන්ට කීවා තමා එයා කාල නෑ කියලා. නුවර වැව රවුමේ තිබ්බ පුංචි හෝටලෙන් බත් කාපු නදීකා එයාට මල් වත්ත බලන්න ඕනේ කීවා. මල් වත්ත 5ට වහන හින්ද සමන් වෙන දවසක යමු කියලා නදීකාට කීවා. එත් නදීකාට යන්න ඕන කමක් තිබ්බේ නෑ.

       නදීකා වැව රවුම තිබ්බේ බංකුවක වාඩි උනේ රතු කරගත්ත ඇස් දෙකකුත් එක්ක. සමන්ටත් වෙන කරන්න දෙයක් නැති හින්ද බංකුවේ වාඩි උනා. නදීකා සමන්ගේ උකුලේ ඔලුව තියාගෙන අඩන්න පටන් ගත්තා. එයාට සමන් නැතුව ඉන්න බෑ කියලා නදීකා ඉකි ගහහ ඇඩුව. අහසේ මල හිරු බැස යමින් තිබුණ. වෙලාව රෑ 7ත් පහුවෙලා ආපහු යමු නේද කියලා සමන් ඇහුවා. නදීකා එයාට අද යන්න බෑ කියලා ආපහු අඩන්න පටන් ගත්තා.

         සමන්ට කරන්න දෙයක් තිබ්බේ නැති හන්ද රජ වීදියේ තිබ්බ පුංචි හෝටලේක නවතින්න තීරණය කළා. එදා රෑ මහා අමුතුම සතුටකින් නදීකා හිටියේ. නදීකාගෙ ගෙදරට බොරු ගොඩක් කියන්න සමන්ට සිද්ද උනා. මොන උනත් සමන් නදීකාගෙ පිවිතුරු බව රැක්කා. නදීකාට නම් එහෙම දෙයක් රැක ගන්න ඕන උනේ නෑ. නමුත් සමන් එයාව පාලනය කර ගත්තා. කොහොමහරි දෙන්නම පහුවදා ගෙදර යද්දී උදේ 11ත් පහු වෙලා.

       අම්මට හොදටම සනීප හින්ද සමන් ආපහු හමුදාවට යන්න තීරණය කරන්නේ ඔය දේවල් වෙලා මාසයක් වත් යන්න කලින්. සමන් මේ බව නදීකාගෙ දෙමව්පියන්ට කියන්න හිතපු දවසේ උදේ උනේ හීනෙන් වත් හිතපු නැති දෙයක්, නදීකා උදේ පාන්දරම වමනේ දාන්න පටන් ගත්තේ   අම්මේ සමන් හින්ද මම අම්මා කෙනෙක් වෙන්න යනවාකියලා ලතෝනි දීගෙන.මේක අහපු සමන්ට නදීකාව මරන්න තරම් කේන්තියක් ඇති උනා. කලබල උන නදීකාගෙ දෙමව්පියෝ සමන් ගෙන් මේ ගැන අහද්දී සමන් අසරණ උණා. දොස්තර කෙනෙක් ගාවට ගියාට පස්සේ නදීකා එයාගේ බඩේ මාසෙක බබෙක් ඉන්නවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. නදීකාව බලපු දොස්තරත් කිව්වේ නදීකාව ගැබ් අරගෙන නෑ මේක මානසික ගැටළුවක් වෙන්න ඇති කියලා. එත් නදීකා එයාගේ බඩේ බබෙක් ඉන්නවා කියලා සමන්ලගේ ගෙදරත් ගිහින් කිව්වා.


        සමන්ගේ නුවර ගමන් ගැනයි මේ සිද්දි ගැන ආරංචි උන දවසේ ඉදල කුමාරි සමන්ට කතා කළේ නෑ. සමන් පොඩි කාලේ ඉදන් පන වගේ ආදරේ කරපු කුමාරි වෙන කෙනෙකුගේ බිරිද වෙලා ගමෙන් යන්නේ ඔය සිදුවීම වෙලා මාස 2 ක් යන්නත් කලින්.
සමන්ට තමන්ගේ ජීවිතේ එපා වෙන තරමටම මේ ඔක්කොම ඒක දිගටම සිද්ද උනා. හැම දේම අමතක කරලා දාල සමන් ආපහු හමුදාවට බාර වෙනවා. සමන්ට කුමාරි සදහටම අහිමි වෙනවා. සමන් තමන්ගේ හමුදා ජිවිතේට ඇලුම් කරමින් මිතුරන් හා කල් ගත කාලේ නදීකා කියන බැල්ලිට සාප කරමින්.

       මෙහෙම ජිවිතේ ගෙවිල යද්දී සමන්ගේ camp 1 ට නදීකා ලියපු ලියුමකුත් එක්ක සමන්ට විරුද්දව විනය පරීක්ෂණයක් පවත්වන්න නියෝග ලිපියක් ලැබෙනවා.මේ ලියුමට අනුව සමන් විසින් නදීකාට ලැබෙන්න හිටපු දරුවාව සමන්ගේ බලහත් කිරීම මත නැති කළා කියලා තමයි චෝදනා කරලා තියෙන්නේ.අහිංසක සමන් ආපහු අසරණ වෙනවා. සමන්ට විරුද්ද විනය පරික්සනය තවම කෙරීගෙන යනවා. සමන් එයින් නම් නිදොස් වෙයි කියලා සමන්ගේ ඉහල නිලදාරියා සමන්ට කිව්වා. මේ දේවල් වෙච්ච දවසේ සමන්ට call 1 ක් ආව.සමන්ගේ phone 1ක නාද උනේ යන්න නදීකාකියලා පහු ගිය දිනවල ප්‍රසිද්ද වෙලා තිබ්බ  සින්දුව.

     සමන් මේ call 1ට උත්තර නොදී මේ සින්දුව ටික වෙලාවක් අහගෙන හිටියා. සමන් හවස් වෙද්දී එයා අර සින්දුවට හදපු සින්දුවක් එයාගේ ඉහල නිලදාරියට දුන්නා.
යන්න නදිකා ඉන්න එපා මා ගාව
ආයේ නදීකා යන්න එපා පොලිසියට
හැම දාම හිරකුඩුවේ ඉන්නත් බෑ
මට උබ හින්ද මගේ නෑයෝ අඩවන්නත් බෑ
මැරෙන්න කාලේ ලං වෙලා
හිතෙනවා මේවා බල බලා
මම මැරෙන්නේ ගහක එල්ලිලා
උබ පොලිසියට ගිහිල්ලා
කිව් බොරු මට මතක් වෙලා
මට මගේ ජීවිතෙ එපා වෙලා
මා බය කළා යකින්නියේ
ලෝකෙම කපටි ගැණියේ
උබේ කෙරුමට මමද රැවටුනේ
උබේ වැඩ හින්ද යෝදියේ
ජිවිතේ මට එපා උනේ
මැරෙන්නේ මම උබත් මරල නේ

සමන් තාමත් එයාගේ කුමාරි ගැන දුක් වෙනවා . ඒ ඇරෙන්න සමන්ට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ නේද ?


6 comments:

  1. adoooo....ela kollekne...supiri machoo..well done

    ReplyDelete
  2. හම්මට සිරි... යකෝ මේක ඇත්ත කතාවක්ද?
    ආදරෙයි කෑදරෙයි පටල ගත්තොත් ජීවිත විනාස වෙනවා කියන්න මීට වඩා සාක්ශි මොකටෙයි බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පට්ට සිරා ගස් අය්යේ ... තැන්කු වේවා

      Delete

01 මතක

''ධනාත්මක චින්තනය'' අම්මගේ රෙද්ද ,  මචන් ,  උබ එහෙම කියන්ඩ එපා මේක පොඩ්ඩක් කියපන්කො මේ  %$'ස පත්තරේ සාර්ථක විවාහ ජීවි...