දෝනි සොයනවා නුබව
හීනෙනුත් නින්දෙනුත්
මුමුනන්නේ නුබේ නමය
පුංචි සුරතලිය නුබේ
නිතර නුබ සොයයි නම්
අම්මිටත් නිරතුරුව
සිහිවෙන්නේ නුබ
නොවේද .....
නුබ සිටිය මගේ ලගින්
අවුරුදුම දෙක තුනක්
දුර ගියේ නෑ ලගින්
දිනපතා නොආවත්
කාලෙකින් නුබ ගිහින්
මා දමා බෝ දුරක්
ඒ නිසයි මේ තරම්
දැනෙන්නේ පාලුවක් ......
තාත්ති එන්නකෝ
දුව නිතර කියනවා
මා සිතින් නිරතුරුව
මා නුබව පතනවා
නුබ දකින මොහොතකින්
හද ගින්න නිවෙනවා
අම්මිගෙයි දොනිගෙයි
සිත් පහන් දිලෙනවා ....